මහරගම සහ මිරිහාන ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දෙකකින් අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ පනහක් වටිනා ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසනවා.
අත් අඩංගුවට ගත් සැකකරු මීට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳසැල් දහ අටකින් රුපියල් ලක්ෂ 80 අධික වටිනාකමින් යුත් ලැප්ටොප් , ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් රැසකට අදාලව බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව සිටින අයකු බවයි පොලීසිය පවසන්නේ.
පොලීසිය පවසන්නේ, පසුව සැකකරුගෙන් ලද තොරතුරකට අනුව එම සොරකම් තුනට අදාල ලැප්ටොප් යන්ත්‍ර 12 හා ජංගම දුරකථන 23 ,කොටසක් සැකකරුගේ නිවසේ තිබී සොයාගත් අතර හා තවත් භාණ්ඩ තොගයක් ඉතා අඩු මිලට විකුණා තිබියදී සොයා ගත් බවයි.
අත්අඩංගුවට ගත් කොහුවල පදිංචි මෙම පුද්ගලයා අද (18) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.