29 C
Colombo
Saturday, January 18, 2025

මහනුවර ජාතික රෝහලේ යකා නැටූ අයෙක් අත්අඩංගුවට

- Advertisement -

මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු රෝහල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබෙනවා.

මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඒ.ආර්. බණ්ඩාර මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පවසා සිටියේ අද (10) දහවල් 12.30 පමණ එම පුද්ගලයා යතුරුපැදියකින් රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රථ වාහන ගමන් කිරීමට අවසර නොමැති ස්ථානයකට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා ආරක්ෂක නිලධාරීන් සමග බහින්බස් වී රාජකාරියට බාධා කරමින් හැසුරනන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මහනුවර මූලස්ථාන පොලිසියට පිටත්ව ගිය බවද බණ්ඩාර මහතා පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ වැඩ බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මීට දින කිහිපයකට ඉහතදීද රෝහලේ ආරක්ෂක නිලධාරියෙකුට ත්‍රී රෝද රථ රියදුරෙකු පහරදී තිබූ අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES