25 C
Colombo
Saturday, July 19, 2025

මරණ දඬුවම ලැබූ අයෙකුත් මෙවර O/L විභාගයට

- Advertisement -

මරණ දඬුවම ලබා සිටින සිරකරුවෙකු ඇතුළු බන්ධනාගාර රැඳවියන් 10 දෙනෙකු මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම ලැබූ එක් අයකු ඇතුළු පස් දෙනෙකු ද වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පස් දෙනෙකු ද මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවා.

ඒකනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී හා වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පිරිස එම බන්ධනාගාරය තුළ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගය සඳහා පෙනී සිටින බවයි.

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ වැනි විභාගයන් සඳහා පෙනී සිටින රැඳවූවන්ගේ සංඛ්‍යාව පෙරට වඩා ඉහළ ගොස් ඇති බව ද එසේ අධ්‍යාපන කටයුතු සඳහා උනන්දුවක් දක්වන සියලු ම රැඳවූවන්ට අවශ්‍ය පහසුකම් බන්ධනාගාර තුළින් ලබා දී තිබීම ඔවුන් ඒ සඳහා යොමුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES