32 C
Colombo
Friday, January 17, 2025

මත්පෙති ආනයනය කළ අයෙක්ට වසර 12ක සිර දඬුවම්

- Advertisement -

ප්‍රංශයේ සිට නීති විරෝධි අයුරින් 2020 වසරේ මත්පෙති 5000කට අධික සංඛ්‍යාවක් මෙරටට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මෙලෙස සිර දඬුවම් නියමව ඇත්තේ කොළඹ 12 මිරානියා විදියේ පදිංචි එම්.එෆ්.එම්. ෆර්සාන් නමැති නමැති විතිකරුවෙකුටයි.

2020 වසරේ ජූලි මස 10 වනදා ප්‍රංශයේ සිට නීති විරෝධී මත්පෙති 5716 ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කරනු ලැබුවා.

විනිසුරුවරයා මෙහිදී සඳහන් කළේ විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බවයි.

දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලිෂාන් රත්නායක මහතා සඳහන් කළේ වර්තමානයේ තරුණ තරුණියන් අතර මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් තිබෙන බවයි.

එබැවින් එවැනි ක්‍රියා අධෛර්යමත් කිරීමට හැකිවන ආකාරයේ දඬුවමක් විත්තිකරුට ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.

RECENT ARTICLES - SINHALA

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

POPULAR ARTICLES