30 C
Colombo
Saturday, October 5, 2024

ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

ඇල්ල – කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල – කිනලන් වත්ත ලැයිම් අංක 13 හි පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බවයි.

පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයන් විසින් ප්‍රදේශ රැසක වන රක්ෂිත, ලදු කැළෑ, පතන් වලට ගිනිතබා විනාශ කරන බවත් පොලිසිය පවසනවා.

ඇල්ල – කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ඇතුලු වී මොහු ගිනිපෙට්ටියක් ද අතැතිව එම රක්ෂිතයට ගිනිතබන අවස්ථාවේ වන රක්ෂිතයේ රැකවලෙහි නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

හිටපු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසකට පාර්ලිමේන්තු ඡන්දෙ එපා වෙලා

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බවට පුවතක් ‘Ceylon Today’ වාර්තා කරනවා.  මෙම මන්ත්‍රීවරුන් අතරින්...

වතුර බෝතල්වලටත් පාලන මිලක්?

දැනට වෙළඳ පොලේ රුපියල් 100කට අලෙවි කරන මිලිලීටර 500 යේ ජල බෝතලයක් රුපියල් 70කට ලබා දිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ...

ඖෂධ වර්ග 80ක් තවමත් හිඟයි

මෙරට ඖෂධ වර්ග 80ක පමණ තවදුරටත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ ඖෂධ රෝහල් මට්ටමින් මිලදී ගැනීමට අවසර ලබා දී...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...