ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගොස් ඇති පුද්ගලයා තම පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විට මෙලෙස හදිසියේ අසනීප වී තිබේ.
එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට කළ දැනුම්දීමකට අනුව කඩිනමින් පහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇති නමුත් පොලිසිය පවසන්නේ ඔහු රෝහල්ගත කරනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.
මියගිය පුද්ගලයාගේ දේහය හැටන් දික්ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත. නල්ලතන්නිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.