27 C
Colombo
Monday, September 9, 2024

ජනප්‍රිය පාසල් හතරක විදුහල්පතිවරුන්ට එරෙහිව පෙත්සමක්

- Advertisement -

ජනප්‍රිය පාසල් හතරක් සඳහා අලුතින් පත්කරන ලද විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

පෙත්සම ඒ. එච්. එම්. ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (05) එම පෙත්සම කැඳවා තිබුණා.

එහිදී පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම අවසරය ලබාදී තිබෙනවා.

අදාළ සංශෝධිත පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙන බව පැවසෙනවා.

අදාළ විදුහල් සඳහා නව විදුහල්පතිවරුන් පත් කිරීම අවිධිමත් ආකාරයට සිදුකර ඇති බවත් අදාළ පත්වීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් එම පෙත්සමේ වැඩිදුරටත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටියට නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා. ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අද...

පුද්ගලයින් 48කට මරු කැඳවූ නයිජීරියාවේ අනතුර

නයිජීරියාවේ අගේ ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්ධන රැගත් බවුසරය, ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ...

හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා – තුෂාර සංජීව

තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...