පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කළ සැරයන්වරු තිදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාථිකරණය තීන්දු කර තිබෙනවා.
එම තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී නොමැති බවයි.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දුව ලබා දෙන ලෙස ඉල්ලා එම සැරයන්වරු තිදෙනා විසින් මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.
මහින්ද සමයවර්ධන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පොලිස්පතිවරයාට නියෝග කළේ මෙම නිලධාරීන් තවදුරටත් පොලිස් සේවයේ රඳවා ගැනීමට සුදුසු දැයි සොයා බලා තීරණයක් ගන්නා ලෙසයි.
2020 වසරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග පිටස්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.