28.4 C
Colombo
Wednesday, July 9, 2025

මෛත්‍රී ගොනු කළ පෙත්සමක් විභාගයට දින දෙයි

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා එළැඹෙන පෙබරවාරි 06 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියම කළා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින්  මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මීට පෙර මෙම නඩුව විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් කිහිප දෙනෙකු උසස් වීම් ලබා තිබීම හේතුවෙන් මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළා.

ඒ අනුව, අදාළ පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 6 වන දා නව විනිසුරු මඩුල්ලක්  ඉදිරියේ කැඳවන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොණු කර තිබූ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ පුද්ගලයෙකු විසින් මෙම පෙත්සම මගින් ඉදිරිපත් කර තිබුණා.  

පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

ඒ අනුව, තමන්ට සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීති විරෝධී යැයි තීන්දු කර එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES