24 C
Colombo
Sunday, October 1, 2023

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

- Advertisement -

යාපනය, චුන්නාකම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අදාළ නිවසේ සිටි පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ නිවසේ පදිංචිව සිටි මව,පියා, පිරිමි දරුවෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු අදාළ සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය පවසනවා.

අදාළ නිවසේ ගැහැනු දරුවෙකු යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදී ඇති වු ආරවුලක් මත එම තරුණයා සිය මිතුරන් සමඟ පැමිණ මෙලෙස නිවසට ගිනි තබා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නිවසට ගිනි තැබූ පිරිස නිවස ඉදිරිපස නවතා තිබු ත්‍රිරෝද රථයකට හා නිවසේ දොර ජනෙල්වලටද පහරදී අලාභ සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධියට අදාළව තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන මිල යළි ඉහළට ?

ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන...

අපේම සල්ලි අපිටම දීලා

අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට...

ත්‍රිකුණාමලයේ රෝහලක ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාළ ගින්න හටගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයෙන් බවයි අනාවරණය වන්නේ. පොලිසිය සඳහන් කළේ මේ වනවිට ගින්න...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...