පොහොට්ටු මන්ත්‍රීවරයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

මුල්ලේරියාව බැංකු මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු වූ සුමුදු රුක්ෂාන් මහතායි. මන්ත්‍රීවරයා මුල්ලේරියාව බැංකු මංසන්ධිය ආසන්නයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.