23 C
Colombo
Thursday, February 13, 2025

පාසල් සිසුවිය පැහැරගත් සිදුවිමකට පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්

- Advertisement -

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තවත් දෙදෙනෙකු ස්ථානමාරු කර තිබෙනවා.

ඒ අනුව, පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක සහ උප පොලිස් පරික්ෂකවරයෙකු ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරික්ෂකවරිය කඩුගන්නාව පොලීසියටත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස්පරීක්ෂකවරයා වෙලම්බොඩට පොලීසියටද ස්ථාන මාරු ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ නියෝග මත එම විනය පියවර ගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි මස19 වැනි දින පෙරවරු 7.30ට පමණ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ බව කියන ගම්පොළ පොලීසියේ රාජකාරියේ නියුතු නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසියේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලීසිය ක්‍රියාත්මක නොවීමේ චෝදනාමත එම විනය පියවර ගෙන ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES