26 C
Colombo
Wednesday, January 22, 2025

ටිපර් රථයට යටවී පොලිස් නිලධාරියෙක් මරුට

- Advertisement -

මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ ගැටී තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරියා ටිපර් රථයද සමග ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් තිබූ ලොරි රථයක හා කාර් රථයකද ගැටී බරපතළ තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ.

අදාළ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (26) රාත්‍රියේ හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය පොලිස් මාර්ග බාධකය අසලදී මෙම මාරක අනතුර සිදුවී තිබුණා.

එම ස්ථානයේදී පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ රාජකාරි කටයුතුවල යෙදී සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තවත් පොලිස් නිලධාරියෙකු, කාර් රථයේ සිටි කාන්තාවක් සහ වයස මාස 04ක කුඩා දරුවෙකු, ලොරි රථයේ රියදුරු තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 56ක් වූ භාතියගම, කන්තලේ ප්‍රදේශයේ පදිංචි හබරණ පොලිස් ස්ථානයට අනුයුක්ත ගල්ඔය පොලිස් මුරපොළෙහි රාජකාරි කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙක්.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES