23 C
Colombo
Thursday, February 13, 2025

වැටලීමට ගිය පොලිස් නිලධාරියෙක්ට බඳින තුවක්කුවක් පත්තුවෙලා

- Advertisement -

මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළින් පිහිටි ඝණ කැලෑවක ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සඳහා අද (26) දහවල් එහි ගිය පොලිස් නිලධාරියෙකු සතෙකුට අටවන ලද තුවක්කුවක් පත්තු වී තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ එම පොලිස් නිලධාරියා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යැවූ බව පොලීසිය පවසනවා.

කන්දකැටිය පොලීසියට අනියුක්ත නිලධාරි පිරිසක් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහි සිටි නිලධාරියෙකු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කන්දකැටිය පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු 36 හැවිරිදි ‍පොලිස් නිලධාරියෙක් වනවා.

වැටලීම සඳහා එහි ගිය නිලධාරී පිරිසට කැලෑව තුළින් වෙඩි හඬක් ඇසීමත් සමග දුරකතන ඇමතුමක් ලබාදී පරීක්ෂා කිරීමේදී මෙම නිලධාරියාට වෙඩි වැදී ඇති බව දැනගෙන තිබෙනවා.

ඒ අනුව, වහාම එහි පැමිණි සෙසු නිලධාරීන් බරපතළ තත්වයේ සිටි පොලිස් නිලධාරියා බෑවුම් සහිත ඝණ කැලෑව මැදින් කිලෝමීටර් දෙකක පමණ දුරක් ප්‍රධාන මාර්ගයක් වෙත රැගෙන විත්, පසුව 1990 ගිලන්රථයක් මගින් මීගහකිවුල රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියාගේ උදරය හා කොන්ද ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර කරනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES