27 C
Colombo
Wednesday, March 19, 2025

යළිත් විදුලි කප්පාදුවක්? තීරණය අද

- Advertisement -

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම සිකුරාදා තෙක් තවදුරටත් අක්‍රිය තත්ත්වයේ පවතින අතර හෙට සිට යළි විදුලි කප්පාදුව ක්‍රියාත්මක වීම පිළිබඳව තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතයි.

දිවයිනේම විදුලි සැපයුම ඉකුත් ඉරිදා පෙරවරුවේ බිඳ වැටුණු අතර, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කර තිබුණේ, පානදුර ග්‍රිඩ් උප පොළේ ට්‍රාස්සෝමරයක වඳුරෙකු ගැටීම ඊට හේතු වූ බවයි.

දිවයින පුරා විදුලිය බිඳවැටීමත් සමඟ නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ම අක්‍රිය වුණේ, ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවයක් අහිමි කරමින්.

මේ හේතුවෙන්, මෙගාවොට් 2,600 ක් වන දෛනික උපරිම විදුලි ඉල්ලුම සපුරා ගැනීමේදී පැන නැගුණු මෙගාවොට් 200ක හිඟය ආවරණය කර ගැනීමට විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවුණා.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දුන්නේ, පෙරේදා සහ ඊයේ පස්වරු 3.30 ත් රාත්‍රී 9 යි 30 ත් අතර කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදු කිරීමටයි.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්ජිනේරු ධම්මික වීමලරත්න කියා සිටියේ නොරොචෝලේ බලාගාරය කඩිනමින් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම අනිද්දාට පෙර එක් යන්ත්‍රයක් හෝ යොදාගෙන අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කිරීමට අපේක්ෂ කරන බව ද ඔහු සදහන් කළා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, නොරොචෝලේ බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම එම බලාගාරයේ දෝෂයක් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

POPULAR ARTICLES

දේශබන්දු ගැන ඇමති අනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...