25 C
Colombo
Saturday, March 22, 2025

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

- Advertisement -

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට සහයක් වන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව අද වන විට අනුර දිසානායක සජිත් ප්‍රේමදාසට තර්ජනයක් බවට පත්ව තිබෙන බව පැවසු වික්‍රමසිංහ මහතා ,

”සජිත් ප්‍රේමදාසට කිසිදු දවසක අනුර දිසානායකව පරාජය කරන්න බැහැ. ඇයි? මේ රටේ හැමවෙලාවෙම තරඟය තිබුණේ දෙන්නෙක් අතර. ආණ්ඩුවේ එක්කෙනයි විපක්ෂයේ එක්කෙනයි. ඉස්සරකාලේ අගමැති වෙන්න දැන් ජනාධිපති වෙන්න. අගමැතිවරයා තමන්ගේ පක්ෂය බලාගන්නවා වෙනකාටවත් නෙවෙයි තමන් අපේක්ෂකයා වෙන්න. විපක්ෂ නායකයා බලා ගන්න ඕනේ තමන් හැර වෙනත් කෙනෙක් විපක්ෂ නායකයා නෙවෙයි කියල. මම හිටපු කාලේ මම ඉඩ දුන්නේ නැහැ වෙන කෙනෙක්ට එන්න. මහින්ද රාජපක්ෂ හිටපු කාලේ ඉඩ දුන්නේ නැහැ වෙන කෙනෙක්ට එන්න. ජනතා විමුක්ති පෙරමුණ ඉස්සෙල්ලම ගිහින් මහින්ද රාජපක්ෂට එකතුවෙලා ඇමතිකම් ගන්න සිදුවුණා. ඒකාලේ තමයි ඇවිල්ලා සොරබොර වැව හැදුවේ. මම ඉන්න කාලේ යහපාලන ආණ්ඩුවට එකතු වුණා. සජිත් ප්‍රේමදාසට ඕක කරන්න තිබුණේ. හැමදාම පාර්ලිමේන්තුවේ නැගිටලා ඕපාදුප කතාකරල හැමදාම පැය දෙක තුන නාස්ති කරලා අන්තිමට මොකක්ද සිදුවුණේ. දැන් අනුර දිසානායක ඇවිල්ලා සජිත්ට තර්ජනයක් වෙලා. සමහරු හිතනවා සජිත්ව පහුකරගෙන යන්න පුළුවන් කියල. සජිත්ට බැහැ අනුර දිසානායකව පරද්දන්න. සජිත්ට බෑ. සජිත් බාග වෙලාවට කරන මෝඩකම්වලින් අනුරට දිසානායකට උදව්වක් වෙන්නේ. ඒක මතක තියාගන්න. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම කියනවා මේක ආරම්භ කළේ ඩී.එස්.සේනානායක. තව ඉදිරියට ගෙනිච්චේ ඩඩ්ලි සේනානායක. ජේ.ආර්.ජයවර්ධන.රණසිංහ ප්‍රේමදාස. ඒ උරුමය තමයි මම මෙතනට අරන් ඇවිත් තියෙන්නේ. මේ සැරේ ඒක අරගෙන ඇවිල්ල තියෙන්නේ රට වෙනුවෙන් මේ හැම කෙනාම එක්ක එකට එකතුවෙලා වැඩකරන්න.”

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES