28 C
Colombo
Saturday, April 19, 2025

මැතිවරණ නීති කඩකරපු ජනාධිපති මාධ්‍ය ප්‍රධානියෙකුට වැඩ වරදියි

- Advertisement -

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ආරම්භක දිනය වූ අද (4) දිනයේ ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම් ගැන මැතිවරණ කොමිසමට හා නිරීක්ෂණ සංවිධානවලට පැමිණිලි ලැබී ඇති බවට වාර්තා වනවා.

එහිදී විශේෂත්වය වන්නේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය යැයි සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු ෆේස්බුක් ඔස්සේ ව්‍යාජ තොරතුරක් බෙදාහැර ඇති බවට මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිල්ලයි.

මැතිවරණ කොමිසමට ලැබී ඇති පැමිණිල්ලේ සදහන්ව ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු සත්‍යාපනය පිළිබඳව නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස තැපැල් ඡන්ද පිළිබදව අසත්‍ය තොරතුරු බෙදාහැර ඇති බවයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද පෙරවරු 11.00 වනවිට පැවැති අගය යැයි දක්වමින් නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමක් ලෙසින් ෆේස්බුක් පෝස්ටුවක් සිය ෆේස්බුක් ගිණුමේ බෙදාගෙන ඇති අතර එහි රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන ජනාධිපති අපේක්ෂකයන් තිදෙනාට ඡන්ද භාවිත කළ ප්‍රතිශත බවට ව්‍යාජ තොරතුරු දැක්වීමක් සිදුකර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

අප කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය කොමසාරිස් (ආරාවුල් නිරාකරණ) පියුමි ආටිගල මෙනෙවිය සදහන් කළේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීමක්වත් සිදු නොකළ පසුබිමක මෙසේ ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතය එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ආකාරය බවට හැඟී යන සේ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම බරපතල වරදක් බවයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කාර්යභාරය පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමට බවද ඡන්ද ගණන් නොකළ පසුබිමක මෙවැනි තොරතුරක් බෙදාහැරීම මුළුමනින්ම ජනතාව නොමග යැවීමක් බවද ආටිගල මෙනෙවිය අවධාරණය කළා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත බව දක්වමින් ෆේස්බුක්හි පළ කළ මෙම පෝස්ටු ඉවත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ බවත් ඒ අනුව මෙම වරද සම්බන්ධයෙන් ගත යුතු පියවර මැතිවරණ කොමිසම ඉදිරියේදී තීන්දු කරන බවත් එහි කොමසාරිස් එම්.ඒ.පී.සී පෙරේරා මහතා පවසනවා.

තැපැල් ඡන්ද ගණන් කරනු ලබන්නේ එළැඹෙන 21 වැනිදා බවත් එසේ තිබියදී ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශත යැයි හැඟෙන අයුරින් මෙලෙස තොරතුරු බෙදාහරින්නේ කෙසේදැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රශ්න කර සිටිනවා.

මෙමගින් මුළුමනින්ම සිදු කෙරෙනුයේ තමන් සහය දක්වන අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම බවද සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...