ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පසුව ඔහු ඇගේ සිරුර පාසල් පරිශ්‍රය තුළත් ඇගේ බෑගය සහ සපත්තු පන්ති කාමරය අසලත් දමා ගොස් ඇති බව සඳහන් වන්නේ.
මෙම සිදුවිමට 55 හැවිරිදි ගෝවින්ද් නැට් නමැති සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරියගේ සිරුර ඇගේ පාසල් පරිශ්‍රයේ තිබී සොයා ගෙන තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, ඇය හුස්ම හිරවී මිය ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් නඩු පවරා තිබෙනවා.
දැරියගේ මව පොලිසියට පවසා තිබෙන්නේ ඇය සෑම දිනකම විදුහල්පතිවරයා සමග පාසල් ගිය බවයි.
මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විමසීමකදී ඔහු පොලිසියට පවසා තිබුණේ දැරිය පාසලට දමා තමා වැඩකට ගිය බවයි.
නමුත් සිද්ධිය වූ දිනයේ ගෝවින්ද් නැට්ගේ දුරකථන ස්ථාන තොරතුරු පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු එදින පාසලට ප්‍රමාද වී පැමිණ ඇති බවයි.
පසුව පොලිසිය සිදු කළ ඔහුව ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම අපරාධය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.
විමර්වශණවලදී අනාවරණය වී ඇත්තේ පාසලට යන අතරමගදී විදුහල්පතිවරයා විසින් ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරිමේදී දැරිය කෑ ගැසීමට පටන් ගැනිම නිසා එය වැළැක්වීමට විදුහල්පතිවරයා විසින් දැරියගේ හුස්ම හිර කර ඇති බවයි.
පසුව පාසලට පැමිණි විදුහල්පතිවරයා දැරියගේ සිරුර සිය මෝටර් රථයේ තබා වාහනය අගුලු දමා ඇති අතර, සවස 5ට පමණ ඔහු ඇගේ සිරුර පාසල් ගොඩනැගිල්ල පිටුපස දමා පාසල් බෑගය සහ සපත්තු ඇගේ පන්ති කාමරය අසලින් තබා තිබෙන බව සඳහන්.
විදුහල්පතිවරයා සිද්ධිය පිළිබඳව ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කර ඇති නමුත් තාක්ෂණික විශ්ලේෂණයෙන් පසුව පොලිසිය ඔහුව සැකකර තිබෙනවා.
ඒ අනුව ඔහු විසින් මෙම සිදුවිම පාපොච්චාරණය කර ඇත්තේ.