24 C
Colombo
Thursday, February 13, 2025

ජ’පුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක්

- Advertisement -

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය සිසුන්ගේ අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් පැවති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශ කටයුතු කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත පීඨය සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවා තිබුණා.

එහිදී තීරණය කර ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ දී එම සිසුන්ට විධිමත් අයුරින් අදාළ පුහුණුව ලබාදීමටයි.

එම දන්ත වෛද්‍ය පීඨයේ මේවන විට වසර හතරකට අදාළ දන්ත වෛද්‍ය සිසුන් 145 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යයන කටයුතුවල නිරතව සිටිනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය සඳහා අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, දන්ත තාක්ෂණ නිලධාරීන් මෙන් ම අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමටත්, අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක්, මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් මෙහිදි තීරණය වූ අතර මේ සඳහා නිසි සැලසුමක් යටතේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, මෙරට ස්ථාපිත වූ දෙවන දන්ත වෛද්‍ය පීඨය ලෙස 2022 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ වූ මෙම දන්ත වෛද්‍ය පීඨය අංගම්පූර්ණ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES