28 C
Colombo
Wednesday, April 24, 2024

හේලීස් සමාගමෙන් ධම්මිකට රුපියල් කෝටි 200ක ලාභයක්

- Advertisement -

මෙරට ප්‍රමුඛතම සමාගම් සමුහයක් වන හේලීස් සමුහ ව්‍යාපාරය 2022/23 වර්ෂය සඳහා වන පළමු අතුරු ලාභාංශය පසුගියදා ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඔවුන්ගේ එක් කොටසක් සඳහා රුපියල් 5.35ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව හේලීස් සමුහයට අනුබද්ධ තවත් ලැයිස්තුගත සමාගම් කිහිපයක් ද පසුගියදා සිය ලාභාංශ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව කැලණිවැලි වැවිලි සමාගම (තෙවන අතුරු ලාභාංශය) රු. 3.00

හේලීස් ෆයිබර් (තෙවන අතුරු ලාභාංශය) සත 50

තලවාකැලේ ටී එස්ටේට්ස් (තෙවන අතුරු ලාභාංශය) රු. 6.00

හේකාර්බ් (තෙවන අතුරු ලාභාංශය) රු. 1.00

හේලීස් ෆැබ්රික් (තෙවන අතුරු ලාභාංශය) සත 30

ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් (තෙවන අතුරු ලාභාංශය) සත 60

ධම්මික පෙරේරා මහතා යනු හේලීස් සමාගමේ ප්‍රමුඛතම කොටස්කරුවා ලෙසයි සැලකෙන්නේ.

මේ වන විට හේලීස් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 51.01%ක් හෙවත් කොටස් 382,596,970ක හිමිකාරීත්වය ඔහු සතුව පවතිනවා.

ඒ අනුව එක් කොටසක් සඳහා රු. 5.35 බැගින් රු. 2,046,893,789.50 ක් හෙවත් රු. බිලියන 2.04 ක, එනම් රු. කෝටි 204 ක ලාභාංශ ආදායමකට ධම්මික පෙරේරා මහතා හිමිකම් කියනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...