27.9 C
Colombo
Wednesday, May 14, 2025

සජිත්ගෙන් පොරොන්දුවක්

- Advertisement -

මෙරට නිදහස් සෞඛයේ ස්වර්ණමය යුගය 21 වනදායින් පසු බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ ඊයේ (14) පැවති සෞඛ්‍ය සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“21 වනදායින් පස්සේ අපිම ප්‍රශ්න කරපු ප්‍රශ්නවලට උත්තර සපයන අවස්ථාව එළැඹෙනවා. සුපුරුදු රාමුවකට කොටුවෙලා රාජ්‍ය ආයෝජන, රාජ්‍ය අරමුදල්වලින් පමණක් අපට මේ රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රය ගොඩනඟන්න බැහැ. අපි අලුත් විදිහකට හිතන්න ඕනේ. අපි අදහස් කරනවා හැම MOH කොට්ඨාසයකට කැපකරු ආදාරක ක්‍රමවේදයක් පටන් ගන්න. හැම රෝහලකටම කැපකරු ආදාරක ක්‍රමවේදයක් පටන් ගන්න. විවිධ අය කියාගෙන යනවා ඒ අය දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස මෙච්චර මුදල් වෙන්කරනවා කියලා. නමුත් රාජ්‍ය ආයෝජන විතරක් මදි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගොඩ නගන්න. ඒ නිසා අලුත් විදිහට හිතලා මේ රටේ සමස්ත රෝහල් 1,164ත් MOH කොට්ඨාස 354ත් කේන්ද්‍ර කරගෙන රෝග නිවාරණ වැඩසටහක් ක්‍රියාත්ම කරනවා. මම පිළිගන්නවා ර්‍ඪ් යටතේ තවත් රෝග නිවාරණ වැඩසටහන් රැසක් තියෙනවා. නමුත් MOH කොට්ඨාසට කේන්ද්‍ර කරගෙන අපි කැපකරු ක්‍රමයක් ආරම්භ කරනවා වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබාදීලා. ඔබ ලබාදෙන සෞඛ්‍ය සේවාව වඩාත් ප්‍රසස්ථ, විශිෂ්ට කාර්යක්ෂම සේවයක් බවට පත්කර අපේ රටේ ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරන්න, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් නිර්මානය කරන්න අපි කටයුතු කරනවා. අපේ රට නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය සංවර්ධන යුගය බිහිකරන්න අවශ්‍ය සියලුම ශක්තිය රාජ්‍ය මට්ටමින්, රාජ්‍ය නොවන මට්ටමින් ලබාදෙන්න අපි කැපවෙනවා.”

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි? චතුරංගට චෝදනාවක්

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට  මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට: තිදෙනෙක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදු දියනෑමට ගිය පිරිසක් අතුරින් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි...

POPULAR ARTICLES

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

ට්‍රම්ප්, සෞදිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන 142 කට ආසන්න වටිනාකමකින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර  තිබෙනවා. ධවල මන්දිරය මෙය හඳුන්වා ඇත්තේ,...