24 C
Colombo
Sunday, February 16, 2025

රජය සතු වත්කම්වල නිවැරදි විගණනයක් මේ දක්වා සිදුකරලා නැහැ – විගණකාධිපති

- Advertisement -

රජය සතු වත්කම් සම්බන්ධයෙන් නිවරදි විගණනයක් මේ දක්වා නිසි ආකාරයෙන් සිදුව නොමැති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පවසනවා.

ඔහු පවසන්නේ රාජ්‍ය නිලධාරීන් රාජකාරී නිසි අයුරින් ඉටු නොකිරීම හේතුවෙන් මෙවැනි අර්බුද මතුව ඇති බවයි.

කර්මාන්ත අමාත්‍යාංශය මඟින් කොළඹදී සංවිධානය කර තිබූ වැඩමුළුවක් අමතමින් විගණකාධිපතිවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා,

“රජයේ වත්කම් එකම තැනකින් ගන්න පුළුවන් කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද ? ඕකට දේශපාලන හෝ අමාත්‍යවරු සම්බන්ධවෙලා නෑනේ. මේ ගිණුම්ගත කිරීම් කරන්නේ රාජ්‍ය නිලධාරීන්මයි. ඉතිං ඒ ටික එක තැනක නැත්තේ ඇයි? අඩුම ගානේ රජයේ වාහන කීයක් තියෙනවාද කියලා කියන්න පුළුවන්ද ? ඇයි හේතුව ගිණුම්ගත කිරීම් කරානම් ඔය ටික වෙන්න ඕනා හැබැයි එහෙම වෙලා නෑ. මෑත කාලිනව අපේ විගනන වාර්තාවලින් විශාල තොරතුරු සංඛ්‍යාවක් ඉදිරිපත් වුණා. විවිධ ආයතනවල වාහන නෑ. අපි බොහොම සරල විදිහට තමයි චෙක් කළේ.”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES