25 C
Colombo
Friday, March 29, 2024

වන අලි වන්දි දෙගුණ කිරීමට යෝජනාවක්

- Advertisement -

‘වන අලි වන්දි ක්‍රමය’ යටතේ වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා ගෙවනු ලබන වන්දි මුදල දෙගුණ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ඊට අදාල යෝජනාව වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.

ඒ අනුව, මින් පෙර පැවති රුපියල ලක්ෂ 5ක් වන වන්දි මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට නියමිත වනවා.

වනඅලියා, දිවියා, වලහා, කුළු හරකා හා කිඹුලා සින් පහරදීමෙන් සිදුවන මිනිස් මරණ සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම වන්දි මුදල ගෙවීමටයි යෝජනා වී ඇත්තේ.

එමෙන්ම, එම සතුන්ගෙන් සිදුවන ශාරීරික හානි වෙනුවෙන් පූර්ණ බෙලහීනතාවයකට ත්වන පුද්ගලයෙකු සඳහා උපරිම වන්දි මුදලද රුපියල් මිලියනක් දක්වා වැඩි කිරිමට ජෝජනා වී ඇති අතර මීට පෙර ගෙවූ වන්දි මුදල වන්නේ රුපියල් ලක්ෂ 5කි.

මීට අමතරව, අර්ධ බෙලහීනතාවයකදි ගෙවූ වන්දි මුදල වන රු. 75,000, රු. 150,000ක් දක්වාද, නිවාස හා දේපළ හානි සඳහා මින් පෙර ගෙවූ වන්දි මුදල වන රු. 100,000, රු. 200,000ක් දක්වාද දෙමාපියන් අහිමිවන දරුවෙකුට උසස් අධ්‍යාපපනය සඳහා මසකට රු 5000 බැගින් ද වන්දි ගෙවීමට යෝජිතය.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...