28.9 C
Colombo
Thursday, March 27, 2025

ගුවන්තොටේ උපවාසයක්

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ ගුවන්තොටුපළ පාලනාධිකාරියේ අත්තනෝමතික තීරණ වලට එරෙහිව සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නවතා දැමීමට කටයුතු කිරීමට එරෙහිව ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

එහි සභාපති වර්ණසිරි මුහන්දිරම් මහතා පවසන්නේ පසුගිය 03 වන දින පැවැත්වීමට නියමිතව තිබූ අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන නවතා දැමීමට ගුවන් තොටුපොළ පාලනාධිකාරිය පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව, ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා “ගුවන්තොටුපොළ ක්‍රියාත්මක ඊනියා නිලධාරී කුමන්ත්‍රණය වහා පරාජය කරනු “ යනුවෙන් විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින්  ඉදිකර තිබෙන වේදිකාවක් මත සිටිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.

2023 වසරේ ලබා දුන් ප්‍රසාද දීමනාව යළි සේවකයිනගෙන් අය කර ගැනීම, වෘත්තීය සමිති මර්ධනය, තමාට පක්ෂපාති වෘත්තිය  සමිති සඳහා පමණක් වරප්‍රසාද ලබා දීමට කටයුතු කිරීම, නිල ඇඳුම් සඳහා කළ ඉල්ලීම් නොසලකා හැරීම ආදී ගැටලු කිහිපයක් සඳහා ගුවන් තොටුපොළ පාලනාධිකාරියෙන් විසඳුමක් ලැබී නොමැති බවත් ඒ සඳහා ජනාධිපතිවරයේගේ අවධානය යොමු වන තෙක් මෙම සත්‍යග්‍රහයක් ආරම්භ කළ බව මෙහිදී ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමයේ වර්ණසිරි මුහන්දිරම් මහතා පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES