24 C
Colombo
Wednesday, January 22, 2025

මුලතිව් ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවයක්

- Advertisement -

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාරයේ සිට පැමිණි සරණාගතයින් යළි පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (09) විරෝධතාවක් පැවැත්වුණා.

මෙම විරෝධතාවය පැවැත්වුණේ, සිවිල් ක්‍රියාකාරීන්, කාන්තා සංවිධාන නියෝජිතයන්, ජනමාධ්‍යවේදීන් සහ ධීවරයන් ඇතුළු පිරිසක් එක්වයි.

එහිදී විරෝධතාකරුවන් මෙම සරණාගතයින් හට මානුෂියව සලකන ලෙස රජයෙන් ඉල්ලමින් විරෝධතාවයේ නිරත වි තිබෙනවා.

ඔවුන් විසින් රජයට විවෘත සංදේශයක් ද ඉදිරිපත් කළ අතර ලංකාවද පාර්ශ්වයක් වන එක්සත් ජාතීන්ගේ එකඟතා අනුව කටයුතු කරන ලෙස එමගින් විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවට සහභාගී වී සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රුකී ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම කණ්ඩායම අතර ළමයින් පවා සිටින බවයි.

මෙම පිරිස ගැන ලංකාව අන්තර්ජාතික එකඟතා උල්ලංඝනය කරමින් කටයුතු කළහොත් රට මහත් අපකීර්තියකය ලක්වීමට ඉඩ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES