28.4 C
Colombo
Saturday, June 21, 2025

අඩු වියදමින් අභිමානවත් නිදහස් උළෙලක්

- Advertisement -

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව උළෙලට සහභාගිවන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3000 සිට 1600 දක්වා අඩු කරන බවයි.

මෙවර උළෙලේදී ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම ද අවලංගු කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ, ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාලියට සහභාගි වන භට සංඛ්‍යාවද අඩු කර ඇති බවයි.

හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීම ද මෙවර නිදහස් සමරු උළෙලේදී සිදු කෙරෙන්නේ නැහැ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගුවන් සංදර්ශනද සීමා කර ඇති බවයි.

මෙවර නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

O/L ප්‍රතිඵල ගැන පුවත: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත...

පුංචි ඡන්දය: සභිකයින් 200කගේ නම් තාමත් නැහැ

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

POPULAR ARTICLES