සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් රජයට දෛනිකව රුපියල් මිලියන 400ක මුදලක් අහිමි වන බව මත්පැන් බලපත්‍රලාභීන් ගේ සංගමය පවසනවා.
එහි සභාපති අජිත් උඩුගම පෙන්වා දෙන්නේ අදාළ මුදල සුරාබදු නිලධාරීන් ද දේශපාලනඥයින් ද ඇතුළු විවිධ කොටස් අතර බෙදාහැරෙන බවයි.
නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ මත්පැන් සඳහා වන මෛ බදු මුදල් හුවමාරු වීම හේතුවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටත් රේගුවට දෛනිකව විශාල මුදලක් අහිමි වන බව ද ඔහු සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාරවලින් සහ මත්පැන් අළෙවි සැල්වලින් දිනකට රුපියල් මිලියන 400ක් රටට අහිමි වීම බරපතළ තත්ත්වයක් බවයි මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය පවසන්නේ.
මෙරට මත්පැන් බද්ද නිසි පරිදි රජයට අය කර ගන්නේ නම් එය පවතින ආර්ථික අර්බුදයට කදිම විසඳුමක් බව ද ඔවුන් ප්‍රකාශ කළා.
මත්පැන් බෝතල්වලට හඳුන්වාදුන් නව ස්ටිකරය සම්බන්ධයෙන්ද කරුණු හෙළිකරමින් එම සංගමය පවසන්නේ එම ස්ටිකරය ස්කෑන් කිරීමෙන් කිසිදු කරුණක් පාරිභෝගිකයන්ට ලබාගත නොහැකි බවයි.
කෙසේවෙතත් තම දෙපාර්තමේන්තුවේ වංචා නිසා රජයට දිනකට රුපියල් මිලියන 400ක බදු ආදායමක් අහිමිවන බවට මත්පැන් බලපත්‍රධාරින් සිදුකරන චෝදනා සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසන්නේ කියාසිටියේ දෛනිකව එවැනි ආදායමක් ඉපයිය හැකි අයෙකුට මාසයක කාලයකට තම තනතුර ලබාදීමට කැමති බවයි.