28.4 C
Colombo
Saturday, June 21, 2025

රේගුවේ තනතුරු පෙන්වා මුදල් ගරන ජාවාරමක්

- Advertisement -

සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට නිවේදනය කරමින් ඇතැම් පිරිස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සිවලී අරුක්ගොඩ මහතා පවසන්නේ, එම සම්මුඛ පරීක්ෂණ සඳහා කිසිඳු වැඩමුළුවක් සංවිධානය කර නොමැති බවයි.

“ශ්‍රී ලංකා රේගුවට අලුතින් සහකාර රේගු අධිකාරිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය පසුගියදා පැවැත්වුණා. ඒ තරග විභාගයේ ප්‍රතිඵල අනුව අපි පිරිසකට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා කැඳවලා තියෙනවා. මේ සම්මුඛ පරීක්ෂණය මේ මාසේ 27,28 හා 29 යන දවස් තුනේ සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ අතර අපි පසුගිය කාලයේ දුටුවා සමාජ මාධ්‍ය ජාලවල රේගු නිලධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සුදානමක් ලෙස පෙරහුරු වැඩමුළු පැවැත්වීමට යම් යම් පුද්ගලයින් කටයුතු සුදානම් කරලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. මේ කරන්නට යන්නේ මුදල් ගරා ගැනීමේ ජාවාරමක් කියලයි අපිට තේරුණේ. හේතුව මේ සම්මුඛ පරීක්ෂණයේ දී අපි ලකුණු ලබාදෙන්නේ අයදුම්කරුවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කළ අයට පමණයි. එහිදී අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සහ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පමණයි ලකුණු ලබාදෙන්නේ. මීට අමතරව කිසිදු කරුණකට අතිරේක ලකුණු දෙන්නේ නෑ. සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති අපේක්ෂකයින්ට පෙරහුරු වැඩමුළුවලට සහභාගි වෙලා, රේගුවෙන් කරන සම්මුඛ පරීක්ෂණයට සුදානම් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ.”

RECENT ARTICLES - SINHALA

O/L ප්‍රතිඵල ගැන පුවත: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත...

පුංචි ඡන්දය: සභිකයින් 200කගේ නම් තාමත් නැහැ

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

POPULAR ARTICLES