රේඩාර් පද්ධතියට හසු නොවන නවීන ප්‍රහාරක ගුවන් යානා හඳුනා ගැනීම සඳහා නව රේඩාර් පද්ධතියක් නිපදවා තිබෙන බව වාර්තා වනවා.
ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික සහ රේඩාර් සංවර්ධන ආයතනය සහ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය ඒකාබද්ධව මෙය නිර්මාණය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, එම රේඩාර් පද්ධතිය පසුගිය දා නිල වශයෙන් එළිදැක්වූ බවයි.
ලොව නවතම තාක්ෂණ සහිතව අමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය ඇතුළු රටවල නිෂ්පාදිත ස්ටෙල්ත් නමින් හඳුන්වනු ලබන එම ප්‍රහාරක ගුවන් යානා නිර්මාණය කර ඇත්තේ දෘශ්‍ය පරාවර්තනය අවම් කරමින්.
මෙමගින් සාම්ප්‍රදායික රේඩාර් මඟින් හඳුනාගත නොහැකි ඉලක්ක වෙත සාර්ථකව ගමන් කරන බව සදහන් වනවා.