31 C
Colombo
Wednesday, February 12, 2025

ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්

- Advertisement -

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 242ක වාර්තාගත පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

මෙය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකින් ලැබූ දැවැන්තම පරාජය ලෙසින් වාර්තා අතරට එක්වුණා.

මීට පෙර ඔවුන් ලබාතිබූ දැවැන්තම පරාජය වූයේ 2017 වසරේ ඉන්දියාවේ නාග්පූර්හිදී පැවැති තරගයකදී ඉන්දියාව හමුවේ ඉනිමකින් හා ලකුණු 239ක පරාජයක් ලබා සිටීමයි.

දිනයක් ඉතිරිව තිබියදී අවසන් වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර ඉනිම අත්හිටවනු ලැබුවා.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 165ක් පමණයි.

ඒ අනුව, ලකුණු 489ක් පසුපසින් නැවතත් දෙවන ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

කෙසේ නමුත් එවරද ශ්‍රී ලංකාව ලකුණු 247 සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...