23 C
Colombo
Friday, February 14, 2025

වසර 30කට පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත ඉනිමක්

- Advertisement -

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

මෙය ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ඉනිමකදී ක්‍රීඩාකළ වැඩිම ලකුණු සංඛ්‍යව ලෙසින් වාර්තා අතරට එක්වුණා.

මීට පෙර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ තිබු ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ මීට වසර 30කට ආසන්න කාලයක පෙර ලකුණු 617/5ක් රැස්කර තිබීමයි.

එය ඔවුන් 1995 වසරේ පර්ත්හිදී පැවැති තරගයකදී ක්‍රීඩාකර තිබුණා.

එමෙන්ම අද අත්හිටු වූ ඉනිමත් සමග ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දෙවතාවකදී ටෙස්ට් ඉනිමක ලකුණු 600ට වැඩියෙන් ක්‍රීඩාකර තිබෙනවා.  

ඔස්ට්‍රේලියානු ඉනිම ඔසවා තබමින් ආරම්භක පිතිකරු උස්මාන් කවජා ලකුණු 232ක් රැස්කිරීමට සමත් වුණා

ඊට අමතරව නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 102ක් රැස්කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවූ සියලුම පන්දු යවන්නෝ දැඩි පහරකෑමකට ලක් වුණා.

කෙසේ නමුත් ඉන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුලු 3ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

අද තරගයේ දෙවන දිනයයි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES