වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ (13) සිදුකල බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.
එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 289,122ක් සඳහාත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,385 දෙනෙකු සඳහාත් ලබාදී තිබෙනවා.
එමෙන්ම ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,202ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 700ක් ද කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 36ක් ද ලබාදීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සදහන් කරනවා.