28.2 C
Colombo
Sunday, May 18, 2025

කාලගුණේ ඉදිරි පැය 24 ගැන රතු නිවේදනයක්

- Advertisement -

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා

ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස මෙම නිවේදනයෙන් අනතුරු ඇඟවිමක් සිදු කරනවා

වයඹ සහ ඊට යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සැප්තැම්බර් 08 වන දින 1800UTC වන විට උතුරු අක්ෂාංශ 18.9 ත් නැගෙනහිර දේශාංශ 86.3ත් ආශ්‍රිතව පැවති බව සඳහන්.

මෙම පද්ධතිය ආසන්න වශයෙන් වයඹ දෙසට ගමන් කරමින් අද ( 09) 0600UTC ට පමණ ඉන්දියාවේ ඔඩිෂා වෙරළ හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වනවා.

උතුරු අක්ෂාංශ 13ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 95 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී 70-75) සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

පහත සිතියමේ “Warning” කාණ්ඩට යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක් කරනවා.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ නිල චෙම්බරය තුළ රහසේ ලිංගිකව...

POPULAR ARTICLES