25 C
Colombo
Thursday, January 16, 2025

බස් සංගම් වලින් රතු එළියක්

- Advertisement -

මෝටර් රථ ආඥා පනතට පිටින් කටයුතු කර පෞද්ගලික බස් රථ වර්ජනයක් ඇතිවන තත්ත්වයට පත් නොකරන ලෙස පුද්ගලික බස් සංගම් පොලිසියට අනතුරු අඟවනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ බස් රථ සඳහා සිදුකරන මෙහෙයුම්වල ගැටළු පවතින බවයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කර තිබුණේ එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සඳහා එළඹෙන සතියේ වැඩබලන පොලිස්පතිවරයා හමුවන බවයි.

ඒ වන තෙක් ලබන සතියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රජය විසින් ආරම්භ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පොලිසිය විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම ආරම්භ කළා.

එම පරීක්ෂා කිරීම්වලට අනුව මගී බස් රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා තිබෙනවා.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසන්නේ එලෙස සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් බස් රථ තුළ ගමන් කර බස් රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමට හැකියාවක් නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES