පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදාගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40% කින් අඩු කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873 කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සාමාජිකයින් 1,511 දෙනෙකෙුගේ අඩුවීමක් බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.
එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බවත් නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25 ක් පැවැත්වීමට නියමිත බවත් ඔහු පවසනවා.
පසුගිය වසරේ යොදාගත් ගුවන් යානා 19 වෙනුවට ගුවන් යානා 3 ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.