30 C
Colombo
Thursday, January 16, 2025

පඩි ඩබල් කරගත්ත කතාවට සිපෙට්කෝ සභාපතිගෙන් උත්තරයක්

- Advertisement -

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ජාතික පුවත්පතක පළ වූ පුවතක අඩංගු කරුණු සාවද්‍ය බව පවසමින් ඛනිජතෙල් නීතිගත සංස්ථා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 එම කරුණු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව එම නිවේදනයේ සඳහන්.

මාධ්‍ය වෙත නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්න්නේ එම සාවද්‍ය පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කරන බවයි.

” තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන – තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කති ” යන මැයෙන් පසුගිය 18 වැනිදා මෙරට ජාතික පුවත්පතක මුල් පිටුවේ ප්‍රවෘත්තියක් පළ වී තිබුණා.

ඊට අදාළ සියලු පාර්ශ්වයන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් එම ප්‍රවෘත්තියේ පළ වූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත්කර තිබූ මෙම නිවේදනය මාධ්‍යයේ පළ කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය ආයතන වෙත දැනුම් දීමක්ද කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...