ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟ තුනකින් යුතු 20-20 තරගාවලිය තරග 3-0 ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.
ඊයේ (30) පැවති තරගයේදී ජයග්‍රාහණය පෙනි පෙනී පරාජයට ලක් වීමට ශ්‍රී ලංකාවට සිදු වූයේ සුපිරි පන්දු වාරයේදී නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
ඒ අනුව, විස්සයි විස්ස ඉතිහාසයේ වැඩිම පරාජයන් හිමි කරගත් කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයට එක් වුණා.
ඒ, තරග 104ක් පරාජය වූ බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තැනට පත් කරමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඊයේ තරගයත් සමගින් තරග 105 ක් පරාජයට ලක් වෙමින් මේ වන විට එම වාර්තාවේ පෙරමුණේ පසුවෙනවා.