27.9 C
Colombo
Wednesday, May 14, 2025

ශානි ගැන වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලලා

- Advertisement -

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා.

අභියාචනාධිකරණය මෙලෙස නියෝග කළේ, තම ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලනු ලැබුවා.

තමන්ට ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් තම ආරක්ෂාව වැඩි කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතා විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබුවා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටි අතර, නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි? චතුරංගට චෝදනාවක්

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට  මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙන්නප්පුව මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මරුට: තිදෙනෙක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදු දියනෑමට ගිය පිරිසක් අතුරින් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇති අතර තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි...

POPULAR ARTICLES

කෙහෙළියගේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමක් සලකා...

ට්‍රම්ප්, සෞදිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර ඇමරිකානු ඩොලර් බිලියන 142 කට ආසන්න වටිනාකමකින් යුතු ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර  තිබෙනවා. ධවල මන්දිරය මෙය හඳුන්වා ඇත්තේ,...