26.7 C
Colombo
Monday, July 21, 2025

හොරකමකට අදාල වාර්තාවක් අතුරුදහන් වෙලා

- Advertisement -

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව එම දෙපාර්තමේන්තුවෙන්  අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

විගණන වාර්තාවෙහි සඳහන් වන්නේ, මෙවැනි වාර්තා  සහ පොත්පත් යනාදිය සුරක්ෂිතව තැබීමට එහි  ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන යොදා නොතිබූ බවයි.

හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීම පිළිබඳ ප්‍රාරම්භක වාර්තාවද දෙපාර්තමේන්තු ප්‍රධානියා අනුමත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

පොතින් අස් කිරීමේ සෑම නියෝගයකම පිටපතක්  විගණකාධිපතිවරයාට යැවිය යුතු වුවද කුරු නගුල හා තැටි නගුල පොතින් අස් කිරීමට අදාල නියෝගයේ පිටපත් විගණකාධිපතිවරයාට යොමු කර නොතිබූ බව එහි සඳහන්.

මල් වගා පර්යේෂණ සංවර්ධන අංශය  සුවහසක් මල් සංගම් වෙත බෙදා දීම වෙනුවෙන් මිලදීගෙන තිබූ පොලිතින් බෑග් හත්දාහක හිඟයක් පැවතුණ  බවද විගණන වාර්තාවේ සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES