25 C
Colombo
Friday, March 29, 2024

කෝටි 10 ක වියදමින් රනිල්ගෙන් ජනරජ පෙරහැරක්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් මත පැවැත්වෙන ජනරජ පෙරහර අද (19) පස්වරුවේ අති උත්කර්ෂවත් අන්දමින් මහනුවරදී වීදි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර පස්වරු 06.30 ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එය දළදා වීදිය, යටිනුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙම පෙරහැර සඳහා අලි ඇතුන් 60 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී කරවමින් ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝල් පෙරහර පැවැත්වෙන ආකාරයෙන්නම විචිත්‍රව හා උත්කර්ෂවත්ව පැවැත්වෙනු ඇති.

ජනරජ දිනය වෙනුවෙන් අද දිනය පුරා පැවැත්වෙන උත්සව මාලාවට සහභාගීවීමට රජයේ කැබිනට් අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් ඊයේ රාත්‍රියේ සිට කොළඹ සිට නුවරට පැමිණ සිටිනවා.

පෙරහර අවස්ථාවට ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතයි.

ජනරජ පෙරහර වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් මහනුවර නගරය පුරා සංවිධානය කර තිබෙනවා.

පෙරහර මංගල්‍යය ඇතුළු අද පැවැත්වෙන ජනරජ දින උත්සව සඳහා වන සමස්ත පිරිවැය කෝටි 10 කට ආසන්න වනු ඇතැයි වාර්තා වනවා.

වත්මන් රජය මේආකාරයෙන් පෙරහැර පවත්වන්නේ මුදල් නොමැති බව පවසා මෙරට හදිසි සැත්කම් හැර අත්‍යවශ්‍ය නොවන සැත්කම් නවතා ඇති මොහොතකයි.

එමෙන්ම ඡන්දය පැවැත්වීමටද මුදල් නොමැති බව පවසන ආණ්ඩුව උසස් පෙළ පැවති සමයේ සිසුන්ට අඛණ්ඩ විදුලිය ලබා නොදුන්නේද මුදල් නොනමැති බව පවසමින්.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...