27 C
Colombo
Monday, December 2, 2024

අනූ කනූ ගෙන් අගමැතිනිය වෙත ඉල්ලීමක්

- Advertisement -

නවක රංගන ශිල්පිනි අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් වූ පෞද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම පිළිබදව අද (30) දිනයේත් මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ අදහස් දැක්වූවා.

මෙහිදී ඇය කියා සිටියේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කර ගැනීම සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිලි කළ බවයි.

එහිදී එම පෞද්ගලික වීඩියෝව සංසරණය වීම අවම කර ගැනීමට සහ ඔවුන්ට එරෙහිව එල්ලවන අපහාස අවම කර ගැනීමට එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දුන් බවද අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මාධ්‍ය ඉදිරියේ සදහන් කර සිටියා.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම වීඩියෝව මුදා හැරීම පිළිබඳව එම දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් හදුනාගත් යම්කිසි සැකකරුවන් පිරිසක් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බවත් මෙහිදී ඇය සදහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අග්‍රාමාත්‍යවරියගෙන් හා කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේ කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන මෙවැනි සිදුවීම් පිළිබදව කඩිනමින් විමර්ශනය කටයුතු සිදුකළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

POPULAR ARTICLES