30 C
Colombo
Monday, April 21, 2025

කංචනගෙන් රජයට ඉල්ලීමක්

- Advertisement -

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමඟින් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බව ඔහු සඳහන් කරනවා.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩ පිළිවෙළ ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතිය පළ කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය කංචන විජේසේකර,

“ඔවුන් මැතිවරණ රැස්වීම් වලදී කියා සිටියේ ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බවයි.. දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතුය. ඔවුන් පොරොන්දු වූ පරිදි බදු ඉවත් කළ හැකි නම් ඩීසල් ලීටරයක් රු. 100 දෙන්න පුළුවන් වෙයි.. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් දැනටමත් සකස් කර තිබූ විදුලි මිල සංශෝධනයක් ඔක්තෝම්බර් මාසය සඳහා සැලසුම් කරලා තියෙනවා.. මෙය ප්‍රමාදයකින් තොරව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා යවන ලෙසද අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”

RECENT ARTICLES - SINHALA

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

POPULAR ARTICLES

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...