24 C
Colombo
Wednesday, January 22, 2025

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් මුජිබර්ගෙන් ඉල්ලීමක්

- Advertisement -

මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි රොහින්යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය මඟින් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, රොහින්ග්‍යාවරුන් පිරිස තමන්ගේ සුරක්ෂිත භාවය සහතික කෙරෙන තවත් රටකට යනතුරු මියන්මාරයට පිටුවහල් ‍නොකර තවදුරටත් අපේ රට තුළම ඔවුන්ගේ සුබ සිද්ධිය සලසා දෙන ලෙසයි.

ඒ සඳහා  එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධාන වල පමණක් නොව විපක්ෂයේ සහයද ලැබෙනු ඇති බව මුජිබර් රහුමාන් මහතා තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 19 වැනිදා ළමුන් 25 දෙනෙකු සහ කාන්තාවන් 30 දෙනෙකු ඇතුළු මියන්මාර් සරණාගතයින් 103 දෙනෙකු බහු දින ධීවර යාත්‍රාවකින් නීති විරෝධී අයුරින් ඉන්දියාවට යමින් සිටියදී මුල්ලිවයික්කාල්හිදී නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

මෙම සරණාගතයින් පිරිස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුලතිවුහි පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත යොමු කිරීමට අධිකරණය නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ මෙම මියන්මාර් සරණාගතයින් පිරිස නැවැත එරටටම පිටත් කර යැවීමට වත්මන් රජය සූදානම් වන බවයි.

“මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීමයි. ඔවුන්ගේ නම් ලැයිස්තු ඒ ආණ්ඩුවට ලබාදී ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ. එය මේ සැමදෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව අපේ දැඩි විශ්වාසයයි. එපමණක් නොව ඔවුන් මියන්මාරයට යැවීම යම් රටකදී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non-Refoulement) ජාත්‍යන්තර නෛතික මුලධර්මයට ද හරස්ව යාමකි. ඔබතුමාගේ පාලන කාලය තුල මෙරටට ඇතුල් වූ මුල්ම සරණාගත පිරිස ඔවුන් පැමිණි රටේ මාර මුඛයට යැවීමෙන් ලෝකයා හමුවේ රටට අත්වන්නේ කැළලකි.”

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES