31.1 C
Colombo
Tuesday, July 8, 2025

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

- Advertisement -

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු පැවසුවේ ලුණු හිඟයක් පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී ඇතැයිද මේ හේතුවෙන් ජනතාව බියට පත් වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවයි.

ඔහු මේ බව කියා සිටියේ, හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස අද (28) වැඩ භාරගතත් අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මාසයක කාලයක් තුළ සාමාන්‍ය නිවසකට ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට් 2ක් සහ කැට ලුණු කිලෝ 1ක් ප්‍රමාණවත් වන බවයි.

කෙසේ නමුත් ලුණු හිඟයක් මතු නොවන බවත් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසත් ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ වන විට ලංකා හම්බන්තොට ලුණු සමාගම සතුව මෙට්‍රික් ටොන් 6000ක ලුණු ප්‍රමාණයක් පවතින බවත් එය ජනවාරි මාසය දක්වා ප්‍රමාණවත් බවත් ඔහු පවසනවා.

තවද යම් ආකාරයකට ලුණු හිඟයක් ඇති වේ යැයි පවතින සැකය මත පිටරටින් ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇති බවයි නන්දන තිලක මහතා පවසන්නේ.

මෙම වසරේදී ලුණු නිෂ්පාදනය සැලකිය යුතු අයුරින් අඩු වී ඇතැයි ද පැවසු සභාපතිවරයා මීට හේතුවී ඇත්තේ 2009 යුධමය තත්ත්වයෙන් පසු  යාපනය ප්‍රදේශයේ පවතින ලුණු ලේවායයන් දෙක පැවැති කිසිදු රජයක් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර නොගත් හේතුවෙන් බවද ඔහු එහිදී කියා සිටියා.

කෙසේ නමුත් එළැඹෙන ජනවාරි මැද වන විට එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බැවින් මාර්තු මාසය ආරම්භය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

සංස්කෘතික අරමුදලින් ගසා කෑ අයට වැඩ වරදී

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2017 සිට 2020 දක්වා කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු ගැන...

කොටහේන දැරියගේ මරණය;CCTV දර්ශන ඔස්සේ විමර්ශන

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ...

මුහුද ආරක්ෂා කරන මෙහෙයුම්වලට අනුමැතිය

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

POPULAR ARTICLES