ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් අධිකරණය හමුවේ සිදුකළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (17) නඩු පවරනු ලැබුවා.
සංගමයේ ලේකම්, තේරීම් භාර නිලධාරීන්, සභාපති ධූර අපේක්ෂකයින් ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිවයි මෙම නඩුව පවරනු ලැබුවේ.
කෙසේවෙතත් පැමිණිලිකාරියේ සිය පෙත්සම මගින් සඳහන් කර තිබුණේ, සභාපති ධූරයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉවත් වී ඇති බැවින්, යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ඡන්දය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවයි.