30.6 C
Colombo
Sunday, July 13, 2025

මධ්‍යම අධිවේගයේ පළමු අධියරට යළි ටෙන්ඩර් කැඳවන්නැයි ඉල්ලිමක්

- Advertisement -

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ බොහෝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළමු අදියර සඳහා 2015-16 වසරේදී චීනයේ එම්.සී.සී සමාගමට ලබාදී ඇති සෘජු කොන්ත්‍රාත්තුව අවලංගු කරමින් විවෘත සහ විනිවිදභාවයෙන් යුතු ලංසු තැබීමේ ක්‍රියාවලියක් යටතේ නව ටෙන්ඩරයක් කැඳවන ලෙස මෙරට විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

ඇක්සස් ඉංජිනියරින් සමාගම, මාගා ඉංජිනියරින් සමාගම, අයි.සී.සී සමාගම, කේ.ඩී.ඒ වීරසිංහ සමාගම සහ එන්.ඊ.එම් ඉදිකිරීම් සමාගම යන සමාගම් වලින් සැදුම්ලත් ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබුණා.

චීනයේ එම්.සී.සී සමාගමට පිරිනමා ඇති කොන්ත්‍රාත්තුව මිලෙන් අධික බවත් දේශීය සමාගම්වලට තරඟකාරී මිලකට ඊට වඩා අඩු කාලයකින් ව්‍යාපෘතිය නිම කිරීමට හැකියාව තිබෙන බවත් එම සම්මේලනයේ මතය වී තිබෙන බවයි පැවසෙන්නේ.

මධ්‍යම අධිවේගයේ පළමු කොටස සඳහා කිලෝ මීටරයක් සඳහා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 33 ක මුදලක් චීනයේ එම්.සී.සී සමාගම අයකර ඇති නමුත් දෙවන කොටස සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් අයකර ඈත්තේ කිලෝ මීටරයකට ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක් පමණක් බව පෙන්වා දෙමින් ඉතිරි වැඩ කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන්ට පිරිනමන්නේ නම් ඊට වඩා අඩු පිරිවැයකින් පළමු අදියර නිම කිරීමට හැකියාව තිබෙන බව එම සමාගම් පෙන්වාදී තිබෙනවා.

චීනයේ එම්.සී.සී සමාගමට මධ්‍යම අධිවේගයේ පළමු අදියරේ ඉතිරිව ඇති වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 7.5 ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති මොහොතක ලංකා යටිතල පහසුකම් සංවර්ධන සම්මේලනය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබෙන බවයි පැවසෙන්නේ.

චීන එක්සිම් බැංකුව ව්‍යපෘතිය සඳහා ලබාදුන් ණය මුදල මුදා හැරීම අත්හිටුවිමත් සමග ව්‍යපෘතිය අතරමග නැවතුණු අතර ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස් කඩා වැටීමටද ලක්වුණා.

නව රජය අදාළ මුදා හැරීමට පසුගිය 18 වැනිදා තීරණය කළත් එය මහ ජනතාවට ප්‍රසිද්ධ කළේ නැහැ.

ජනාධිපතිවරණය පැවැත්වීමට දින කීපයකට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණයක් තහවුරු කිරීම පමණක් නව රජය සිදුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES