ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර ඇති බව යුද හමුදාව පවසනවා.
ඒ සම්බන්ධයෙන් වහාම කටයුතු කරන බව පොලිස්පතිවරයා යුද හමුදාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි යුද හමුදාව පවසන්නේ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුවරයා විසින් ද මේ බව පොලිස්පතිවරයාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා ඇති අතර ඒ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව යුද හමුදාව වැඩිදුරටත් පවසනවා.