25 C
Colombo
Thursday, October 10, 2024

බුද්ධි අංශ පිට පටවන ප්‍රහාරයක් පිළිබඳ හෙළිදරව්වක්

- Advertisement -

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ දෙසීයක් යොදවා ජාතික ජන බලවේගය කරන අයුරින් ලබන 12 වැනිදායින් පසු රට තුළ ව්‍යසනයක් කිරීමේ සැලසුමක් තිබෙන බවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගේ යූ ටියුබ් නාළිකාවක් මගින් වෛරී ප්‍රකාශයක් කිරීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා යුද හමුදා බුද්ධි ප්‍රධානියා පසුගිය බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් කර තිබෙන බවට අරුණ පුවත්පත වාර්තා කරනවා.

සන්නද්ධ බුද්ධි බළකා ප්‍රධානී බ්‍රිගේඩියර් චන්දික මහතන්තිල මහතා විසින් පසුගිය බදාදා උදෑසන මෙම පැමිණිල්ල කර තිබෙන බව පැවසෙනවා.

දේශපාලන වුවමනාවන් මත සාවද්‍ය තොරතුරු ජනගත කරමින් යුද හමුදාවේ චිත්ත ධෛර්යය ද බිඳවැට්ටවීමට මෙන්ම ක්‍රියාකාරිත්වය ද බිඳවැට්ටවීමට මෙම යූ ටියුබ් නාළිකාව මගින් කටයුතු යොදා ඇතැයි එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙන බව සඳහන්.

පොලිස් සේවයෙන් ඉවත් වී විදෙස් රටක සිටිමින් යූ ටියුබ් නාළිකාවක් මෙහෙයවන අජිත් ධර්මපාල නමැති අයකු විසින් ජනාධිපතිවරණයට පෙර රට තුළ කලබල ඇති කිරීම සඳහා හමුදා බුද්ධි ප්‍රධානියා විසින් බුද්ධි නිලධාරින් දෙසීයක් කොළඹට කැඳවා නියෝග දී ඇතැයි හදිසි අනාවරණයක් ලෙසින් මෙය හෙළිකර තිබෙන බව පැවසෙනවා.

මෙම සාවද්‍ය ප්‍රකාශ මගින් තමාටත්, පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ල විය හැකි බවත් දේශපාලන වුවමනාවන් මත රට තුළ කලබල ඇතිකර බුද්ධි අංශය මත පැටවීමට ගන්නා උත්සාහයක්ද යන්න සම්බන්ධවත් පරීක්ෂණ පවත්වන ලෙස බුද්ධි ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.

මෙවැනි අසත්‍ය පතුරුවන යූ ටියුබ් නාළිකා ගැන වහාම පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම වෙත අධිකරණයට කරුණු දක්වා දැනුම් දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියකු පැවසු බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා පියාසර කරමින් තිබියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළට පැමිණි...

ප්‍රහාරක සබ්මැරීන දෙකක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සුදානම්

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන දෙකක් නිෂ්පාදනය කිරීමට ඉන්දියාව සූදානම් වනවා. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් බිලියන 5 යි දශම 4 ක්...

අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා. හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය...

POPULAR ARTICLES

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා...

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව...