32 C
Colombo
Sunday, March 16, 2025

ඇෆ්ගනිස්ථානයේ පෞරාණික භූමි විනාශයක් ගැන හෙළිදරව්වක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමි ප්‍රදේශ සැලසුම් සහගතව විශාල යන්ත්‍ර භාවිත කර විනාශ කර ඇති බව පර්යේෂකයින් කණ්ඩායමක් පවසනවා.

එසේ විනාශ කර ඇති ස්ථානවල ඇතැයි අනුමාන කෙරෙන පෞරාණික වටිනාකමක් ඇති භාණ්ඩ සොයා සමහර පිරිස් කැණීම් සිදුකරන බව ද වාර්තා වනවා.

චන්ද්‍රිකා ඡායාරූප භාවිතයෙන් සිදුකර ඇති එම පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ 2021 වසරේ ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත් තලිබාන්වරුන් සහ ඊට පෙර පැවති රජයේ පූර්ණ සහාය ඇතිව එම විනාශය සිදුකරන බවයි.

චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පවසන්නේ, ක්‍රිස්තු පූර්ව 1,000ට පෙර ජනපද පැවති බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන මේ වනවිට ඒ ආකාරයෙන් විනාශ කර ඇති බවයි.

උතුරු ඇෆ්ගනිස්තානයේ බල්ඛ් ප්‍රදේශය දැඩි ලෙස විනාශ කර ඇති බව සඳහන්.

මීට වසර 2,000කට පමණ පෙර බැක්ට්‍රියා හි ඉතා සශ්‍රික ව පැවති ප්‍රදේශයක් ලෙස එය සැලකෙනවා.
 
පුරාණ ඇෆ්ගනිස්තානයේ Achaemenid රාජධානිය තුළ පිහිටි ජනගහනය වැඩිම මෙන්ම ධනවත්ම ප්‍රදේශය වශයෙන් එම කලාපය හඳුනාගෙන තිබෙනවා.

එබැවින් එහි බොහෝ වටිනා දේ භූගතව ඇතැයි සැලකෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES