32 C
Colombo
Friday, January 17, 2025

දුමින්ද සිල්වාට ලැබෙන විශේෂ පහසුකම් ගැන හෙළිදරව්වක්

- Advertisement -

මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මේ වන විට බන්ධනාගාර රෝහලේ සියලු පහසුකම් සහිතව රැඳී සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සුදේශ් නන්දිමාල් මහතා පවසනවා.

බන්ධනාගාර රෝහලේ සිදුවන විවිධ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඊයේ (04) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාරයේ විශේෂිත වූ පහසුකම් සලසා දී ඇති බවත් ඔහුටම වෙන් කළ නාන කාමරයක්, ඇඳක් මෙන්ම ජංගම දුරකථන භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් සුදේශ් නන්දිමාල් මහතා තවදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර, තමා බන්ධනාගාරගතව සිටි කාලය තුළ බන්ධනාගාර රෝහලට යෑමට සිදුවූ අවස්ථාවක දුමින්ද සිල්වා මහතා මෙන්ම හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම රෝහලේ රැඳී සිටි අතර ඔවුන්ගේ ඇඳුම් මැද දීමට රැඳවියන් යොදවා ඇති ආකාරය දැකගත හැකි වූ බව සිවිල් සමාජ ක්‍රියාකාරී ශාන් ගනේගොඩ මහතා මෙහිදී පවසා සිටියා.

දුමින්ද සිල්වා මහතාට රෝහලේ වෙනම නාන කාමරයක් ඇති බවත්, එහිදී ඔහුට ජංගම දුරකථන, ලැප්ටොප් ආදිය භාවිත කිරීමට සියලු පහසුකම් සලසා දී ඇති බවත් ශාන් ගනේගොඩ මහතා තවදුරටත් සඳහන් කළා.

දුමින්ද සිල්වා මහතා අදාළ නානකාමරයේ සිට ලබාගත් බව දැක්වෙන සෙල්ෆි ඡායාරූපයක්ද ඔහු එහිදී පෙන්වා සිටියා.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිට ගත් බව පැවසෙන ඡායාරූපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

අද (04) පැවති ප්‍රවෘත්ති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම ඡායාරූපය බන්ධනාගාර රෝහලේ දී ගත් එකක් දැයි තමන්ට නිශ්චිතවම කිව නොහැකි බවයි.

නමුත් දුමින්ද සිල්වා මහතා රඳවා සිටින සිර වාට්ටුව කලකට පෙර දී ද වරින් වර සෝදිසි කිරීම් සිදු කළ බවත් එහි තිබී කිසිදු ජංගම දූරකථනයක්, ලැප්ටොප් පරිගණක හෝ විද්‍යුත් හෝ තාක්ෂණික උපාංග සොයාගැනීමට නොහැකි වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

බවත් ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, මීට මාස දෙකකට ඉහතදීද බන්ධනාගාර රෝහලේ සම්පූර්ණ සෝදිසි කිරීමක් සිදු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

Breaking: විදුලි ගාස්තුව පහළට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින්...

POPULAR ARTICLES